ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි - Photos
තිලකරත්න දිල්ෂාන් කියලා කියන්නේ අපේ රටේ මෙන්ම ලෝකයේම ඉතාම ජනප්‍රිය කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයන් ඉතිරි කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් නිසයි. ඉතින් ඒ වගේම ඩිල්ස්කූප් නමින් ක්‍රිකට් ක්‍රීඩාවට නවතම පහරක් හඳුන්වාදුන්න නිර්මාතෘ වරයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වනවිට ඔහු ඕස්ට්‍රේලියාවේ තමයි ජීවත් වෙන්නේ.
ඉතින් මේ පිටරටක දිවි ගෙවන තිලකරත්න දිල්ෂාන් විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිලියක් වන මංජුලා මීගහවත්ත සමඟයි. ඒ වගේම තිකරත්න දිල්ෂාන්ට දැන් ආදරණීය දූ දරුවන් හතරදෙනෙක් ඉන්නවා. ඉතින් මන්ජුලත් එක්ක සිය ආදරණීය පවුල් ජීවිතය ගෙවන තිලකරත්න දිල්ෂාන්ගේ වැඩිමහල් දියණීයගේ 13වන උපන්දිනය පහුගිය දවසක පවුලේ හැමෝමත් එක්ක ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ලස්සන කේක් එකක් කපලා බොහොම ලස්සනට චාම් විදිහට උපන්දින සාදයක් පවත්වලා තියනවත් අපට දැකගන්න ලැබුණා
. ඉතින් මේ ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් මංජුලා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තිබුනේ මෙන්න මේ වගේ සටහනක්. ජීවිතේ පලවෙනි වතාවට අම්මා කියන උතුම් වචනය මම ඇහුවෙ ඔයාගෙන් පුතේ. හුස්ම හිරවෙන්න තරම් ආදරයක් දැනුන දවස ඔයා ඉපදුන දවස, අදට ඔයාට අවුරුදු 13ක්, කාලය ගෙවුණු ඉක්මන. මේ ලෝකයේ හොද නරක තේරුම් අරගෙන ජීවිතේ උතුම් ගතිගුන වලින් පිරුණු දරුවෙක් කරන්න තාත්තත් අම්මත් නොකරපු දෙයක් නෑ පුතේ.
ජීවිතය ගැන තේරුම් අරගන්න පටන්ගැන්ම තමයි මේ කියලයි ඇය පවසලා තිබුනේ. ඉතින් එත් එක්කම මේ පහුගිය දිනයකදී 13වන උපන්දිනය සමරපු තිලකරත්න දිල්ෂාන්ගේ ආදරණීය දියණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතන ගමන්ම මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.