දිල්කි උරේශා කාටත් කොකියූ සංවේදි කතාව (PHOTOS)

Srilanka sringers dilki.uresha smokio
By Sithumi Jul 27, 2021 05:43 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ මෑත කාලයේ බිහිවුණු ඉතාමත් ජනප්‍රිය තරුණ දක්ෂ සුරූපී ගායිකාවක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් ගායනයෙන් වගේම සුන්දරත්වයෙනුත් හෙබි ඇයගේ සත්තයි මට ඔබ වාගේ, හුස්මක් තරමට, ඔබට ආදරෙයි මන්, ලිය ලියා දුන් වගේම ළඟදීම ප්‍රේක්ෂකයන් අතරට ආපු මගෙන් දුර වැනි ගීත බොහොමයක් හරහා රසික හදවත් බොහෝසෙයින් අඳ බැඳ තබා ගැනීමට හැකිවූ මේ අපූරු ගායන ශිල්පිනියගේ ගීත අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා.

ඉතින් මේ සුන්දර ගායිකාව පහුගිය දවසක යූටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම ගායනය පටන් ගත්තේ පුංචි කාලේ ඉදන්මයි. ඒ කියන්නේ බහ තෝරන වයසේ ඉදන්ම වචන අහුල අහුලා මම සිංදු කියලා තියනවා. ඉතින් මට තේරෙන කාලේ ඉදන් මන් හිතුවේ කවදා හරි මම ගායිකාවක් වෙනවා කියලා.

ඇත්තටම මම රෝසමල් උඩින් ආව කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය පවුලක සමන්‍ය ළමයෙක්. ඉතින් ගොඩක් ප්‍රශ්න එක්ක අම්මයි තාත්තයි මායි මගේ මල්ලිලා දෙන්නයි ඉස්සරහට ආවේ. මගේ චූටි මල්ලි ඉපදෙනකොට මම පහ වසරේ. මගේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු එන දවසට කිට්ටුවෙලා තමයි චූටි මල්ලි ඉපදුනේ. මම ශිෂ්‍යත්වේ පාස් වුණා. නමුත් ඒ සතුටවත් අපේ ගෙදර අයට විදින්න හම්බවුනේ නැහැ. මගේ මල්ලි මාස හතෙන් හම්බවුනේ. ඒ නිසා එයාගේ පපුවේ සිදුරු දෙකක් තිබුණා. ඒවෙලේ අම්මා ස්පිලිතාලේ මට ප්‍රතිඵල එනකොට.

මමයි ලොකු මල්ලියි ආච්චි ළඟ හිටියේ. මට ශිෂ්‍යත්වෙන් පස්සේ හොද ලොකු පාසල් ආවා යන්න. ඒත් මට යන්න විදිහක් නැහැ මොකද ලොකු වියදමක් ඕනේ මල්ලිව ජීවත් කරවන්න. ඉතින් ඒ දවස් වල අපි ඉන්න තිබුන තැන පවා නැති කරගෙන තමයි මල්ලිව බේර ගන්න කටයුතු කලේ. මට ඒ කාලේ මගේ ඔලුවේ තිබුනේ අනේ මගේ මල්ලිට මොනව හරි වෙයිද කියලා. පුංචි හිතට ඒක මාර බරක්. එච්චරට ඒක දුෂ්කර කාලයක්. ඉතින් මට ඕන කම තිබ්බේ හැමදාම මේ ප්‍රශ්න විසදගෙන අම්මලාව හොඳින් තියන්න.

මන් අම්මලාව බලාගන්න ඕනේ, මල්ලිලාව බලාගන්න ඕනේ, මන් එයාලා වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ කියන තැන තමයි අදටත් මම ඉන්නේ. ඇත්තටම මන් ඒ දේ දැන් කරනවා. දැන් මන් මගේ අම්මවයි තාත්තවයි බලා ගන්නවා. ඉතින් මට දැන් ඕන දෙයක් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ගෑනු ළමයෙක්ට මේ ක්ෂේත්‍රයෙන් විතරක් නෙමෙයි ඕනෙම දේකින් හරි අමාරුයි ඉස්සරහට යන්න. මන් කියන්නේ හොඳ විදිහට. අපේ ආත්ම ගරුත්වය පරිස්සම් කරගෙන ඉස්සරහට යන්න හරිම අමාරුයි. 

අපි දැනගන්න ඕනේ අපි හරියට ඉන්න. මන් හිතන්නේ හිමින් ගියත් යන ගමන හරියට ගියොත් අපිට මේ ක්ෂේත්‍රයේ රැදෙන්න පුළුවන් කියලා. ක්ෂේත්‍රයට එන එකත් අභියෝගයක් මේ ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන රැඳිලා ඉන්න එක ඊට වඩා අභියෝගයක්.

මට දැන් වයස අවුරුදු 24යි. මන් හිතන්නේ ආදරේ කියන්නේ දැනෙන දෙයක් කියලා. මන් දැනෙන්න ආදරේ කරලා තියනවා. ආදරේ විදලා තියනවා. විරහවත් විදලා තියනවා. දැන් මම තනියම ඉන්නේ. මන් හිතන්නේ අපි ආදරේ කරන්න ඕනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. ඒ ආදරේ එතකොට හරිම සැනසීමයි. ලැබුනත් එකයි නැතත් එකයි මන් ඔයාට ආදරෙයි කියන්න පුලුවන්නම් ආදරේ කියන්නේ එහෙම දෙයක්. 

ඒ වගේම අනිවාරෙන් කියන්න ඕනේ සමාජයේ ඇහෙන දෙයක් තමයි මේ වසර අවසානයේ ස්මෝකියෝ සහ දිල්කි උරේෂා විවාහ දිවියට පත්වෙනවා කියන කතාව. ස්මෝකියෝ කියන්නේ මේ ක්ෂේත්‍රයේ මගේ හොදම හොඳ යාලුවෙක්. ලිය ලියා සිංදුව කරද්දී තමයි මට ස්මෝකියෝ හම්බවුනේ. චමත් සංගීත් අයියා තමයි මියුසික් කරේ. ඉතින් චමත් අයියා හරහා තමයි ස්මෝකියෝ මම අදුර ගන්නේ. ඉතින් ලිය ලියා දෙකත් එනවා ඉස්සරහට. 

ඒ ගැනත් කියන්න ඕනේ. ඉතින් කියන්න තියෙන්නේ ස්මෝකියෝ කියන්නේ ක්ෂේත්‍රයේ මගේ හොඳම මිතුරෙක්. එතනින් එහාට කිසිම දෙයක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha