සංචාරකයන්ගේ ඩොලර් ගැන මන්ත්‍රී දිලිත් ජයවීර කතා කරයි
මෙරටට පැමිණෙන සංචාරකයින් මෙහිදී වියදම් කරන ඩොලර් මුදල පිළිබඳව නිවැරදිව විශ්ලේෂණය කිරීම සඳහා වහාම ක්‍රමයකක් හඳුන්වාදිය යුතු බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පෙන්වා දී තිබේ.
ඔහු සඳහන් කළේ, විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන බව පමණක් නොව, ඔවුන්ගේ වියදම් තත්වය පිළිබඳව ද පැහැදිලි දත්ත නැතිවීම නිසා ආර්ථිකව ප්‍රභල වාසි කිසිවක් නොලැබෙන්නේ යැයි ය.
අඩු වියදම් කරන සංචාරකයින්ගේ ආගමනය හේතුවෙන් මෙරට ජනතාවට අමතර බරක්ද මතුව ඇති බවත්, මේ සඳහා පිළියමක් ලෙස ඩිජිටල් අනන්‍යතාවයකට යටත්ව සංචාරකයින්ගේ මුදල් වියදම් තත්ත්වය විශ්ලේෂණය කළ හැකි ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
"මේ සංචාරක කර්මාන්තයෙන් එන ධනය ගැන සටහන් වෙනවා.
මෙතන කතාත් කරනවා. මම වගකීමෙන් කියන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සංචාරකයින් හරහා මේ රටට නව ධනයක් නිර්මාණය වෙනවා කියන්නේ විශාල අතිශෝක්තියක්.
මේ රටට දැන් වෙමින් පවතින්නේ අඩු වියදම් සංචාරකයින් ආකර්ෂණය කරගත් නිසා මේ රටේ ජනතාව මත විශාල බරක් පැටවීමක්. බදු ගෙවන ජනතාවගෙන් තමන් වින්දනයක් ලබමින්, පරිභෝජනය කරමින් මේ රටට මූර්ත වශයෙන් ගත්තොත් මූර්ත පාඩුවක් සිද්ධ වෙනවා.
මේ ගැන කරුණාකරලා හොයලා බලන්න ඕනේ, මේ ගැන සමීක්ෂණයක් කරන්න. මෙතුමාලා මේ ධනය ගැන කතා කරාට ලංකාවට එන සංචාරකයින් කීයක් වියදම් කරනවාද කියන එක සම්බන්ධව සොයා බැලීමට අපිට ක්‍රමවේදයක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඩිජිටල් අනන්‍ය අංකය නිකුත් කරලා මේක ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකට වහාම ගේන්න එකිනෙකාට අවදාල කරමින් ඉන්නේ නැතිව. මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක ඉක්මනින් හදන්න. අපි කියනවා අපේ රටට සංචාරකයින් මෙච්චරක් ආවා කියලා.
සංචාරකයා කියන එක නිර්වචනය කරන විදිහත් අද ලොකු ප්‍රශ්නයක්. අපේ රටට එන සංචාරකයා කීයක් ඩොලර් ගෙනල්ලා වියදම් කරනවාද කියලා හොයාගන්න විදිහක් නෑ. එගොල්ලෝ විදිමත් හෝටල්වල හිටියේ නැත්නම්. මේ ගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ එක එක තැන්වල, ගෙවල්වල මේ වගේ වුණාම අපේ රටේ ධනයක් නිර්මාණය වෙන්නේ නෑ මොන මූල්‍ය ක්‍රමඋපාය ප්‍රකාශයක් ඉදිරිපත් කළත් නැවතත් මම වගකීමෙන් කියනවා මේකට තාර්කිකව, විද්‍යාත්මක නව සංකල්ප ඇතුළත් වෙලා නෑ , නිර්මාණශීලි සංකල්ප ඉදිරිපත් වෙලා නෑ. මේ රට කොහෙත්ම ඉස්සරට යන වැඩපිළිවෙළක් මේ තුළ නෑ."
