ඩීසල් ගැන මෙරට ජනතාවට සතුටුදායක ආරංචියක්..අද සිදු වූ දේ මෙන්න.

Sri Lanka Oil Diesel
By Aruna Apr 08, 2022 07:43 AM GMT
Aruna

Aruna

Report

දින 16 ක් තිස්සේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ සිංගප්පුරුවේ විටෝල් සමාගමට අයත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගෙන පැමිණි නැවට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 52 ක මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම ඩීසල් තොගය ගොඩබෑම අද (08) පස්වරුවේ සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් මිලියන 92 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවයි.

ඉන්ධන රැගත් තවත් නෞකා 2 ක් ද මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබේ.

ඒ ණයවර ලිපි සඳහා ගෙවීම් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙනි.

එමෙන්ම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක නෞකාවක් ද මේ වන විට පැමිණ ඇතැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ, මේ මස 15 වැනිදා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක්ද පැමිණීමට නියමිත බවයි.

මේ අනුව මෙරටට අවශ්‍ය පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now