ඩීසල් බෙදා හැරීම ගැන සතුටුදායක ආරංචියක්...රට පුරා පිරවුම්හල් ගැනත් දැනුම්දීමක්.

Sri Lanka Oil Diesel Filing shed
By Aruna Apr 03, 2022 03:14 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුනු ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අයත් නෞකාවේ ඉන්ධන බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා.

ලංකා ඛණජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, එම නෞකාවේ ඩිසල් තොගය ගොඩබෑම තවදුරටත් සිදුවන බවයි.

එම නෞකාවේ ඩීසල් තොගයක් කැලණිතිස්ස බලාගාරයට ද ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවේ ඉන්ධන පිරවුම්හල් රැසක් ද වසා දමා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත්, අත්‍යවශ්‍ය සේවා සඳහා පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් එම කාලසීමාවේදී විවෘත තැබෙනවා.

එම ඉන්ධන පිරවුම්හල් සඳහා මේවනවිට ඩීසල් බෙදාහැරීම් ආරම්භ කර ඇති බවයි ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

එලෙස විවෘතව පවතින ඉන්ධන පිරවුම්හල්වල නාම ලේඛණය ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ පළකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now