රට පුරා නගර 100ක් සංවර්ධනය කිරීම අද සිට ඇරඹේ..එම නගරයන් මෙන්න.

Mathara Rathnapura Hambabantota Develop
By Aruna Jul 27, 2021 02:38 AM GMT
Aruna

Aruna

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක රට පුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (27) කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටියෙන් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08ක් තෝරා ගෙන තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස සංවර්ධනයට ලක් නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කෙරෙනු ඇති.

ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම මගින් ඔවුන්ගේ සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටු කිරීම මෙහි මූලික අරමුණ වනවා.

එමෙන්ම, ඇවිදින මංතීරු ඉදිකිරීම, බැස් නැවතුම්පොල විධිමත් ලෙස සහ නිවැරදි සැලසුමකට අනුව නැවත සැකසීම, වීථි ලාම්පු සැකසීම, ළමා උද්‍යාන ඉදිකිරීම මෙන්ම වට රවුම් අලුතින් ඉදිකිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනු ඇති.

සෑම නගරයකම දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම් සහ අලුතින් ඉදිකිරීම් මෙන්ම තවත් සංවර්ධන කටයුතු රැසක් මෙම ව්‍යාපෘතියට අයත් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10ක්, කළුතර, ගාල්ල, කෑගල්ල, අනුරාධපුරය මෙන්ම, පොළොන්නරුව දිස්ත්‍රික්කවල නගර 04 බැගින් මෙන්ම හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල නගර 06 බැගින් මෙම සංවර්ධන ව්‍යාපෘතියට තෝරා ගෙන තිබෙනවා.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 ක්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්ක වල නගර 03 බැගින් මෙන්ම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක වලින් නගර දෙක බැගින් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now