ඉසුරු ගැහුවද කියලා හැමෝම සැක කරපු, සමාජ මාධ්‍ය කළඹපු නහයේ තුවාලේ ගැන දේශානි ඇත්ත කියයි - ගැහුවේ නෑ හැබැයි මං...[PHOTOS]

Report

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දේශානි නෙහාර‍ා ගැන පසුගිය දවස්වල ගොඩක් අය කතාබහ කළානේ. ඒ කතාබහ හැදෙන්න ලොකු හේතුවක් වුණ එක දෙයක් තමයි ඇගේ නහය තුවාල වීම.

ඒකත් දේශානි එයාගේ නහයේ ප්ලාස්ටරයක් එක්ක දාපු ෆොටෝ එකත් දාපු සටහන නිසා ඒ දවස්වල සමාජ මාධ්‍යයේ විවිධ කතා එළියට ආවානේ.

හැබැයි ඉතින් පෙරහැර ගියාට පස්සේ ඔන්න දේශානි කාට කාටත් තිබ්බ කුතුහලේ නැති කරලා තියෙනවා.

ඇය කියන විදිහට නම් තමන්ගේ නාසයට එහෙම අනතුරක් වෙලා තියෙන්නේ ඇදගෙන වැටිලලු.

එහෙම නැතුව සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණ විදිහේ දෙයක් නෙවෙයිලු.

දේශානි ඉසුරු බ්‍රේක් අප් එක ප්‍රෑන්ක් එකක්ද? - රැවැට්ටුවට දේශානිට ප්‍රේක්ෂකයින් හොඳවයින් අමතයි

දේශානි ඉසුරු බ්‍රේක් අප් එක ප්‍රෑන්ක් එකක්ද? - රැවැට්ටුවට දේශානිට ප්‍රේක්ෂකයින් හොඳවයින් අමතයි

මේ කතාව ඇය කියලා තියෙන්නෙත් ප්‍රතිකාර ගන්න ආපු වෙලාවක කියලා තමයි ආරංචි වුණේ.

ඒ වගේම ඇය වැඩිදුරටත් කියලා තියෙන්නේ මේ අනතුරින් නාසය බිඳී යාමක් වෙලා නැති වුණත් තුවාලයේ කැළල තවමත් ඉතිරිව පවතින බවයි.

ඒ වගේම මේ සිදුවීම වෙලා සති තුනක් ගියත් තාමත් නාසයේ ඉදිමීම සම්පූර්ණයෙන්ම සුව වී නැති බවත් ඇය පැවසුවා කියලා තමයි ආරංචිය.

''රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා. නහය කැඩිලා නැහැ. ඇත්තටම මම වැටුණා. ඒකෙ තුවාලෙ කැළල තවම තියෙනවා. බලමු ප්‍රතිකාරවලින් නහය ආයෙ යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉදිමිලත් තියෙනවා චුට්ටක් නහය. සති තුනක් වෙනවා, තාම අඩු වුණෙත් නෑ....''

ඉසුරු දේශානි ආදර අන්දරය අවසන් වුණේ ගුටි කෙළියකින්ද? දේශානිගේ තුවාලේ නිසා සමාජ මාධ්‍ය කැළඹේ

ඉසුරු දේශානි ආදර අන්දරය අවසන් වුණේ ගුටි කෙළියකින්ද? දේශානිගේ තුවාලේ නිසා සමාජ මාධ්‍ය කැළඹේ

කොහොම වුණත් ඉතින් නහයට වෙච්ච මේ අලකලංචිය හින්දා දේශානිට පහුගිය දවස්වල ලොකු ප්‍රේක්ෂක අනුකම්පාවක් ලැබුණා කියලා විතරක් මේ වෙද්දිත් ගොඩක් අය සමාජ මාධ්‍යයේ කතා වෙන්න පටන් අරන්.

සමහර අය නම් ඇයට බරපතළ චෝදනාවක් කරනවා.

ඒ ඇගේ නාසයේ තුවාල වූ ෆොටෝ සමාජ මාධ්‍යයේ දාලා ඇගේ පෙම්වතා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අතර සම්බන්ධය බිඳීයාමෙන් වුණ සිත් තැවුලත් එක්ක ප්‍රේක්ෂකයන්ව මුලා කරලා අනුකම්පාව දිනා ගත්තා කියලා.

ඒ විතරක් නෙවෙයි ඒ අනුකම්පාවත් පාවලා දීලා ආයෙත් සති කිහිපයක් ඇතුළත ඔහුත් එක්කම මිතුරු වීමෙන් පස්සේ තමයි මේ විදිහට කතාව අනිත් පැත්ත හැරුණේ කියලත් ගොඩක් අය කතාවෙනවා.

මායි හිරානුයි කවදාවත් දික් කසාද වෙන්නේ නෑ අපේ කේන්දර පොඩ්ඩක්වත් ගැලපෙන්නෑ - හිරුණිකා දැන් කියන කතාව

මායි හිරානුයි කවදාවත් දික් කසාද වෙන්නේ නෑ අපේ කේන්දර පොඩ්ඩක්වත් ගැලපෙන්නෑ - හිරුණිකා දැන් කියන කතාව

GalleryGalleryGalleryGalleryGallery