දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතය අනතුරේ -ජීවත් වීමට පොලිස් සහය පතයි
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඊයේ (01) දිනයේ ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් සහ ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් විසින් පොලීසියෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.
ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන බවට අපරාධ කල්ලි විසින් තර්ජනය කර ඇති බව ද සඳහන්.
ඒ කෙසේ නමුත් අද දිනයේදී (2) පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්දික මනතුංග මහතා දුරකතනයෙන් සම්බන්ද කරගත් මොහෙතේදී එතුමා ප්‍රකාශ කර සිටියේ විමර්ශන කටයුතු තවමත් සිදුවන බවත් දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත බවත්ය .
ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එයට අවශ්‍ය තීරණය ගන්න බවත් එම තීරණයෙන් අනතුර කොපමණ පොලිස් ආරක්ෂාවක් දේශබන්දු තෙන්නකෝන් ට ලබා දෙනවද යන්න තීරණය කරන බවත් මාධ්‍ය ප්‍රකාශක තව දුරටත් පවසා සිටිනවා.
