පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට බිලිදෙන ව්‍යාපෘති හැදුවේ 'ජාතියේ අප්පච්චිලා…'- නියෝජ්‍ය ඇමතිගෙන් සැර කතාවක්
ශ්‍රී ලංකාවට මෑතකදී ගෙන ඒ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වසර 10කින් පවා භාවිතා කළ නොහැකි තරම් තොගයක් කියල පොළොන්නරුවේ අරලගංවිල මැදගම මහා විද්‍යාලයේ හිසවෙස් පැලඳවීමේ මංගල්‍යයෙන් පසු නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙය ජාතියේ "අපච්චිලාගේ" පාලන වකවානුවල "බිහිසුණු දායාදයක්" ලෙස හඳුන්වමින්, එහි බරපතළ බව අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රටේ ප්‍රධාන අභියෝගය මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් පාසල් දරුවන් බේරාගැනීම බවත්, එයට අදාළව කඩිනම් කටයුතු කෙරෙමින් ඇති බවත්ය. "ඔබේ චන්දයේ වටිනාකමට අපි දවසින් දවස එකතු කරමින් සිටියි," යනුවෙන් ඔහු සඳහන් කළේය.
එහිදී "අප්පච්චි" (මහින්ද රාජපක්ෂ) මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන ආවේ බවත්, හෙලිකොප්ටර් භාවිතයෙන් ජාවාරම්කරුවන් බේරගත් බවත්, නාකොටික් නිලධාරීන් හැරවාගිය බවත් ඔහු චෝදනා කළේය. පාසල් දරුවන් සහ තරුණයින් මෙම උවදුරට බරපතළව ලක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලා හමුවෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
පැවති රජයන් සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මත්ද්‍රව්‍ය පාතාලයට ආරක්ෂාව ලබාදුන් බව චෝදනා කරමින්, ඔහු පැවසුවේ, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් සොයමින්, පාසල්වල භෞතික සහ මානව සම්පත් වර්ධනය කිරීමට වත්මන් රජය මැදිහත් වෙමින් සිටින බවයි.