මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සුබ ආරංචියක් - යතුරු පැදි ලබා ගැනීම, නවක බඳවා ගැනීම් ඇතුළු කරුණු රැසක් විශේෂ අවධානයට
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් පිළිබඳ විශේෂ අවධානය යොමුකළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අඳාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැතුණි.
මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත - සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම / යතුරු පැදි ලබා ගැනීම / නවක බඳවා ගැනීම් ආදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුව ඇත.
එමෙන්ම ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ විශේෂ අවධානය යොමුකළ නියෝජ්‍ය අමාත්‍යවරයා කඩිනම් විසදුම් ලබාදීමට නිලධාරීන් වෙත උපදෙස් ලබාදීම ද සිදුකර ඇත.