ඩෙංගු අවදානම යළිත්....අධි අවදානම් කලාප ගණනත් ඉහළට......
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසන්නේ රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.
බස්නාහිර පළාතෙන් 34,645ක ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වනවා.
වෛද්‍යවරිය පැවසුවේ එය සියයට 47.5ක් ලෙස ප්‍රතිශතාත්මක අගයක් ගන්නා බවයි.
එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අධි අවදානම් කලාප 45ක් ද නම් කර තිබෙනවා.
ඩෙංගු අධි අවදානම් කලාප 45 පහතින්,
කොළඹ දිස්ත්‍රික්කයෙන් - 10
ගම්පහ දිස්ත්‍රික්කයෙන් - 08
කළුතර දිස්ත්‍රික්කයෙන් - 03
මහනුවර දිස්ත්‍රික්කයෙන් - 11
මාතලේ දිස්ත්‍රික්කයෙන් - 02
ගාල්ල දිස්ත්‍රික්කයෙන් - 02
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් - 01
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් - 01
පුත්තලම දිස්ත්‍රික්කයෙන් - 04
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් - 03
ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා පියවර ගන්න ලෙසයි.
...........................
