ජාවාරම් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයාට වුණ දේ........

Police spokesman Colombo Sri Lanka Sri Lanka Police Investigation Crime
By Hashini Nov 20, 2023 06:17 AM GMT
Hashini

Hashini

Report

ජාවාරමක නිරත වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ ප්‍රදේශයේ රැසක මෝටර් රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් මෙහෙයවා තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදුකල වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) වත්තල - ගාමිණී ගුණසේකර මාවතේදී අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

ජාවාරම් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයාට වුණ දේ........ | The Software Engineer Was Arrested

මොහු විසින් මෙම ජාවාරම් මිරිහාන, මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාලඹේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැලණිය, හොරණ, අළුබෝමුල්ල, දෙහිවල, කිරුලපන ඇතුළු ප්‍රදේශ රැසක සිදු කල බවට කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී තිබෙනවා.

එසේම නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකද සැකකරුවෙකු වනවා.

එසේම ඔහු සතුව තිබී පැහැරගත් මෝටර් රථ 3ක්, යතුරුපැදි 5ක්, රන් භාණ්ඩ, පරිගණක උපාංග සහ නිමි ඇඳුම් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම මෘදුකාංග ඉංජිනේරුවරයාට අධිකරණ වරෙන්තු 5ක් ද නිකුත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

මහා ගංවතුරක් ගැන රතු එළියක් - ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක්.. මොකක්ද මේ එකවරම වෙන්න යන්නේ?.

මහා ගංවතුරක් ගැන රතු එළියක් - ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක්.. මොකක්ද මේ එකවරම වෙන්න යන්නේ?.

......................


ReeCha