ඩෙංගු අධි අවදානම් කලාප ඉහළට.
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By Hashini
ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ.
එමෙන්ම ඔහු පවසන්නේ නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
ඩෙංගු රෝගීන් 69,008 ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී තිබෙනවා.
පසුගිය මාසයේ රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මේ මාසයේ ගතවූ දින 3 ඇතුළත රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන බවද එම ඒකකය පවසනවා.
