සම්බා සහ කීරි සම්බා ඉල්ලුම ඉහළට

Report

ජනතාවගේ පාරිභෝජන රටාව වෙනස්වීම හේතුවෙන් සම්බා සහ කීරි සම්බා සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා සදහන් කර තිබේ.

එතුමා පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් උසස් වීමත් සමග ඔවුන් ක්‍රමයෙන් සම්බා හා කීරි සම්බා ආදී සහල් වර්ග වැඩි වශයෙන් පාරිභෝජනයට යොමුවී තිබීම ඊට හේතුව බවයි.

මේ හේතුව නිසා නාඩු සහ කැකුළු ආදී සහල්වලට පවතින ඉල්ලුමට වඩා සම්බා සහ කීරි සම්බාවලට පවතින ඉල්ලුම වැඩිවී ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් තව දුරටත් සදහන් කළේ අනෙක් සහල් වර්ගවලට සාපේක්ෂව සම්බා සහල් සහ කීරි සම්බා අස්වැන්නේ යම් අඩුවක් පවතින බවයි .

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

ගොවි ජනතාව වැඩි වශයෙන් සම්බා සහ කීරි සම්බා වී වගා කිරීම සඳහා උනන්දු කිරීමට රජය විසින් එම වී වර්ග මිලදී ගන්නා මිල ගණන් ඉහළ දමා ඇති වගද එතුමා සදහන් කර තිබේ .

නමුත් ගොවි ජනතාව වැඩි ලාභයක් ලබාගැනීම සඳහා වැඩි අස්වැන්නක් ලබාදෙන AT 352 (රෝස කැකුළු) වී වර්ගය වැඩි වශයෙන් පසුගිය කාලයේදී වගාකළ බවද ඔහු තවදුරටත් සිහිපත් කර ඇත.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා තව දුරටත් අනාවාරණය කර ඇත්තේ මෙවර මහ කන්නයේදී (2025/26) කීරි සම්බා හෙක්ටයාර් හැට දහසක් (60,000) ක් පමණ වගා කර තිබෙන බවත් එවැනිම භූමි ප්‍රමාණයක් සම්බා වගා කර තිබෙන බවත් ය.

ඒ වගේම ඉකුත් යල කන්නයේදී මෙතරම් සම්බා සහ කීරි සම්බා වගාකර නොතිබූ බවද එතුමා සදහන් කර ඇත.