තම ගීතයක් රීමේක් කිරිම සම්බන්ධයෙන් උරණ වූ ගායන ශිල්පී දීපිකා ප්‍රියදර්ශනී - උමාරා සහ රෝහණ වීරසිංහ සමඟ දීපිකා ප්‍රියදර්ශනීගේ ගැටුම ! සමාජ මාධ්‍ය උණුසුම් කළ අලුත්ම කතාව..
තම ගීතයක් නවක ගායිකාවක විසින් රීමේක් කිරීම සම්බන්ධයෙන් දීපිකා සිය විරෝධය පළ කරමින් මුහුණු පොතේ තැබූ සටහන මේ වන විට දැඩි කතාබහට ලක්වනවා.
මෙම ගීතය ප්‍රතිනිර්මාණය සිදු කර ඇත්තේ මුල් නිර්මාණය සිදු කළ රෝහණ වීරසිංහයින් විසින් ම වන අතර, ගීතය ගායනා කරන්නේ උමාරා සිංහවංශ යි.
මේ අතර, දීපිකාගේ සටහනට පිළිතුරු ලෙස, ප්‍රවීණ ගී පද රචක රවී සිරිවර්ධන ද මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණා.
එය පහතින් බලන්න...
දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ" ගීතය Cover Song එකක් හැටියට නව පරපුරේ උමාරා සිංහවංශ විසින් ගැයීම දීපිකා ප්රියදර්ශනියගේ පාර්ශවයේ දැඩි උදහසට ලක්ව තියෙන බව දැක්ක..සමාජ මාධ්‍ය තුළින් ඔවුන් එළියට දැමූ ඇතැම් වෛරී විවේචන ඇති කළේ පිළිකුලක්..Cover Songs එකක් නිසා එවැනි උදහසක් ඇතිකර ගැනීම ඉතාම බාල වැඩක්.."කවිය ඔබ" ගීතය ලිව්වෙ සුනිල් ආර් ගමගේ කියන ප්‍රවීණ ගීත රචකය විසින්..
ඒක සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ..මේ දෙන්න අතින් බිහි වූ විශිෂ්ට නිමැවුමක් ඒක..මම දකින සාධනීය දේ තමයි ඒ ජ්‍යේෂ්ඨයන් දෙදෙන අලුත් පරම්පරාවෙ ශිල්පිනියකට ඒක අලුත් විදිහකට Cover Version එකක් කරන්න අවසර දීපු එක..මොකද නිර්මාණයක් ප්‍රති නිර්මාණය වීමේ වරදක් මම දකින්නෙ නෑ..අලුත් පරම්පරාවෙ ශිල්පීන් කියපු ඇතැම් Cover Versions මුල් නිර්මාණයට වඩා අපූර්ව වෙච්ච අවස්ථා තියෙනව..
ඒක රසිකයන්ගෙ පැත්තෙන් හොදයි වගේම ඒකෙන් අලුත් පරපුරක කුසලතාව උඩට එනව..මම ගීත රචකයෙක් හැටියට මම ලියපු ඕන ම ගීතයක් අලුත් පරපුර ගයන එකට මම හුගක් කැමතියි..මොකද ඒව ඒ පරම්පරා අතට ගිහිල්ල අලුත් සහෘද පිරිසක් හැදෙන්න ඕන..ඉන්දියාවෙ ලතා මන්ගෙෂ්කාර් වගේ ජගත් කීර්තියට පත් ශිල්පිනියගෙ ගීත වල තියෙන Cover Versions ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්..ඇය ඊට උරණ වූ බවක් අපි අසා නෑ..
අනික රෝහණ වීරසිංහයන් කියන්නෙ එදා දීපිකා ප්‍රියදර්ශනී ශිල්පිනියගෙ කුසලතාව දැකල විශිෂ්ට ගීතාවලියක් ඇයට නිර්මාණය කරල දීපු ප්රමුඛ සංගීතඥය..ඒ සියල්ල Cover Song එකක් නිසා අමතක කරල වෛරී ලෙස ඔහුට ප්‍රහාර එල්ල කිරීම ඉතාම බාල වැඩක්..ප්‍රශ්න විසදා ගැනීමේ කලාව සමාජ මාධ්‍ය තුළ රෝහණ වීරසිංහයන් ටත් සුනිල් ආර් ගමගේ නිර්මාණවේදියාටත් පහර දීම නම් එය කිසි සේත් අනුමත කරන්න බැරි වැඩක්..එය දීපිකා ප්‍රියදර්ශනී වැනි අද්දැකීම් සහිත ශිල්පිනියකගේ පාර්ශවයෙන් සිදු නොවිය යුතු දෙයක්..එය සමාජයට දෙන නරක ආදර්ශයක්.. රවී සිරිවර්ධන
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |