ආපදා වලින් මරණ 3ක්

sri lanka critical whether Natural disasters
By Sithumi Jun 04, 2021 04:16 PM GMT
Report

අධික වර්ෂාවත් සමඟ මේ වනවිට ඇතිව තිබෙන ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී තිබේ.

හොරණ මිල්ලනිය ඔකන්දූව පාලම අසල පිටාර ජලයේ බීමතින් දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. එලෙස මියගියේ හතලිස් හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි.

නාරම්මල පඬුවස්නුවර මාර්ගයේ කලුබුලුඔය පාලමේ පිටාර ජලයෙන් දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ. මාරවිල මුගුනුවටුන ප්‍රදේශයේදී කඩුපිටි ඔයේ පිටාර ජලයේ පිහිනීමට ගිය 21 හැවිරිදි තරුණයෙකු දියේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි. මෙ

ලෙස මියගියේ එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඹහු ජලයට බැස පිහිනා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දෙමළ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම විදුහලේ පංති කාමර කිහිපයකට හානි සිදුවිය.

මේ අතර ඇහැලියගොඩ - කිරිඇල්ල ප්‍රධාන මාර්ගයට ද ඉඳුරන්ගල ප්‍රදේශයේදී පස්කන්දක් නායයෑමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි. පවතින අධික වර්ෂාවෙන් පුත්තලම බරනන්කට්ටුව සහ දේවාල හන්දිය වැව් පිටාර ගැලීමෙන් මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව තිබේ.

මේ අතර දින 27ක සිට හුදකලා කර ඇති බියගම, පේරගස් හන්දිය, බොරළුවල ප්‍රදේශයේ පස් කන්දක් අධික වර්ෂාවත් සමග කඩා වැටීමෙන් නිවාස 5කට හානි සිදුවිය. ඒ හේතුවෙන් තවත් නිවාස 4ක්ද අවදානම් මට්ටමේ පවතී. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ මුහුද රළුවීමෙන් හලාවත තොඩුවාව සිට අඹකදවිල දක්වා මුහුදු තීරයේ කිලෝමීටර් 4ක පමණ කොටසක් ඛාදනයට ලක්ව තිබේ.

නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර් 346.7 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now