ප්ලාස්ටික් පුටුවක රැඳ වූ ඉටි පන්දම වයෝවෘද්ධ කතකට ගෙනා සංවේදී ඉරණම..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
By krishani
ඊයේ (16) උදෑසන අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේ දී නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් ඇත.
එලෙස පිළිස්සී මිය ගියේ, උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ය.
ඇය අසනීප තත්ත්වයෙන් එක් තැන්ව සිට තිබෙනවා.
එහිදී රාත්‍රී කාලයේ දී ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහනක් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක ඉටි පන්දමක් රඳවා දල්වා ඇත.
එමගින් ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇය නිදා සිටි මෙට්ටයට ද ගිනි ඇවිලි තිබෙනවා.
එම සිදු වූ පිළිස්සීමෙන් කාන්තාව මියගොස් ඇති බව විමර්ශනයේ දී අනාවරණය විය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අයගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.
