ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 03කගේ ඡායාරූප පොලීසියෙන් එළියට.. ඒ අය මෙන්න..(PHOTO)

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Aug 03, 2024 04:57 PM GMT
krishani

krishani

Report

පසුගිය ජූලි 8 වන දා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබුණේ ය.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 03කගේ ඡායාරූප පොලීසියෙන් එළියට.. ඒ අය මෙන්න..(PHOTO) | Death Wasantha Perera 08Th July 2024

එම වෙඩි තැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබී ය.

එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)

කරට කර ඉන්දියාවයි ලංකාවයි පිටිය රත් කර සම වුණත් ඇයි සුපිරි පන්දු වාරයකට නොගියේ?. පිටියම පුදුම කළ සිදුවීම මෙන්න..(PHOTOS)


මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 03කගේ ඡායාරූප පොලීසියෙන් එළියට.. ඒ අය මෙන්න..(PHOTO) | Death Wasantha Perera 08Th July 2024

සැකකරුවන්ගේ විස්තර පහතින් දැක් වේ,

01. සම්පූර්ණ නම - තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් "සංඛ"

ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V 

02. සම්පූර්ණ නම - පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් "චණ්ඩි"

ජාතික හැඳුනුම්පත් අංකය - 199207801772

03.සම්පූර්ණ නම - මුතුවා දුර තරිඳු මදුසංඛ ද සිල්වා නොහොත් "බහිරවයා"

කෙසේ වෙතත්, ඉහත නම් සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක

1. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ - 072-4222223

2. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය - 071-8591657

ReeCha