සරසවි සිසුවෙක් හදිසියේම මිය ගිය සංවේදී පුවතක් මෙරටින්.
අද (22) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ සිසුවකු හදිසියේම ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙන ගත් සිසුවෙක් ය.
ඔහුට හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක රෝගි තත්ත්වයක් නිසා මෙලෙස මිය ගොස් ඇත.
වයස අවුරුදු 22ක මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිට තිබෙනවා.
අද අලුයම මෙම රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති ඔහු රෝහලට ඇතුළත් කර පැයකට පසුව මිය ගිය බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.