චිලි රාජ්‍යයේ දරුණු ලැව්ගින්නක්, පුද්ගලයින් 18ක් මරුට
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
එරට පැතිර යන ගින්න හේතුවෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් එරට දකුණු පළාතේ කලාප දෙකක ව්‍යසනකාරී තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අතර එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයින් 20,000ක් පමණ ඉවත් කිරීමටද පියවර ගෙන ඇත.
එරට වන සංරක්ෂණ ඒජන්සියට අනුව ඊයේ (19) උදෑසන වන විටත් එරට ගිනි නිවන සේවකයින් මෙම දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටින බව සදහන් කර තිබේ.
විශාලතම ලැව්ගිනි ඇතිව ඇත්තේ රජය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති උබල් සහ බියෝ ප්‍රදේශවල බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම කලාප එරට අගනුවර වන සන්තියාගෝ සිට කිලෝමීටර 500ක් පමණ දකුණු දෙසින් පිහිටා ඇත. මෙරට පැතිර යන ලැව්ගින්න හේතුවෙන් ගින්නෙන් මේ වන විට කලාප දෙකහි හෙක්ටයාර 8,500ක් පමණ ගින්නෙන් විනාශ ව තිබෙන බව වාර්තා වේ.
ඒ වගේම එරට මාධ්‍ය වාර්තා කරන්නේ අවම වශයෙන් නිවාස 250ක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බවයි. එරට බලධාරීන් විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඉවත්ව යාමේ නියෝගද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ .
ඒ වගේම ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක අඛණ්ඩ උත්සාහයක යෙදෙන බවත් මාධ්‍ය වාර්තා කරයි. මෙම ලැව්ගිනි පැතිරීමට හේතු වී තිබෙනුයේ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය වැනි තත්ත්වයන්ය.
තවද එරට පවතින තත්ත්වයන් හමුවේ ලැව්ගිනි පාලනයද සංකීර්ණ වී ඇතැයි බලධාරීන් සදහන් කර තිබේ. එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් චිලී රාජ්‍යයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වයද ඉහළ ගොස් තිබෙන බව සදහන් වේ.
මේ හේතුවෙන් සිදුව ඇත්තේ දැඩි තාප අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙන බවයි.
තවද එරට සන්තියාගෝ සිට බියෝ බියෝ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කර ඇත .