ණය ගෙවීමට නොහැකි තැන සැමියා, බිරිඳට සහ දරු දෙදෙනාට වස පොවා බාල්කයක එල්ලුණු අවාසනාවන්ත පුවතක්.
Sri Lanka Police
Vavuniya
Sri Lanka
By krishani
වවුනියාව ගුඩ් ශෙඩ් පාරේ නිවසක, සැමියා විසින් බිරිඳට හා දරුවන් දෙදෙනාට වස පොවා සැමියා ද බාල්කයක එල්ලී මිය ගොස් ඇති පුවතක් වාර්තා වේ.
එලෙස මිය ගිය සැමියා රාජ්‍ය අයතනයක සේවය කරන අතර, බිරිඳ වවුනියාව මහරම්බකුලම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ය.
වයස අවුරුදු 9 සහ 3 යන වයස්වල පසු වන ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ මිය ගිය සැමියා වයස අවුරුදු 42ක පුද්ගලයෙකු වේ.
බිරිඳ 36 හැවිරිදි වියේ පසු වන අතර මෙම පුද්ගලයා විසින් අධික මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇත.
එම ණය ගෙවීමට නොහැකිව ඔවුන් අසරණ වී සිට ඇති අතර ඔවුන් රත්තරන් බඩු සියල්ල ද විකුණා දමා ඇත.
එසේ සිදු කළ ද ණය බරින් නිදහස් වීමට නොහැකි තැන මෙම තීරණය ගන්නට ඇති බව පොලිසිය පවසයි.
වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
