ලොව ඉතිහාසගත මරණ දඬුවමක්. - (VIDEO)

United States of America World
By Wayomi Jan 26, 2024 11:05 AM GMT
Wayomi

Wayomi

Report

ඉතිහාසගත මරණ දඬුවමක් ගැන අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

ඒ, අනුව ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදී ප්‍රථම වරට නයිට්‍රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

එලෙස මරණීය දණ්ඩනය ලබා දී ඇත්තේ, පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත් නම් පුද්ගලයෙකුටයි.

එහිදී එම පුද්ගලයාට නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීම මගින් මරණීය දණ්ඩනය හිමි වුණා.

ලොව ඉතිහාසගත මරණ දඬුවමක්. - (VIDEO) | Death Penalty Is Given By Using Nitrogen Gas

කෙසේ වෙතත් කෙනත් ස්මිත්ගේ නීතීඥයින් පවසා ඇත්තේ මෙය කුරිරු හා අසාමාන්‍ය දඬුවමක් ලෙස සලකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වන්න ලෙසයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙනත්ට සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියම කර තිබුණා.

58 හැවිරිදි කෙනත් 1996 සිට මරණ දණ්ඩනයට ලක්ව සිටින අතර ඒ, එළිසබෙත් සෙනට් නම් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්.

කෙනත්ට 2022 දී මාරාන්තික එන්නත් කිරීමකින් මරණයට පත් කිරීමට සිට ඇති නමුත්, එන්නත් කිරීම සඳහා නහරය නිවැරදිව සොයා ගැනීමට අපොහොසත් වීම නිසා එම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වී නොමැත.

නමුත් එළිසබෙත් සෙනට් කාන්තාවගේ මරණයට සම්බන්ධ අනෙක් පුද්ගලයාට 2010 දී මරණ දණ්ඩනය ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  



                                                                      Sponsored By Sarrita Jewellery

ලොව ඉතිහාසගත මරණ දඬුවමක්. - (VIDEO) | Death Penalty Is Given By Using Nitrogen Gas

ReeCha