සාරියකින් බැඳ තිබූ තොටිල්ල නිසා දරුවෙක් මිය යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Jun 28, 2023 02:52 AM GMT
krishani

krishani

Report

නාවලපිටිය - මොන්ටික්‍රිස්ටෝවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

ඒ නිවසේ නිදන කාමරයේ සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් ය. 

එලෙස මිය ගිය දරුවා වයස අවුරුදු 9ක් වූ නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍ර්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

පොලිසිය සඳහන් කළේ, නිවෙසේ සිටින තවත් දරුවකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.