තාප්පයෙන් පනින්න ගිය අයෙක් තාප්පයටම යටවී මියයයි..(PHOTOS)

Police spokesman Sri Lanka Police Accident Death
By Aruna Jul 18, 2023 05:02 AM GMT
Aruna

Aruna

Report

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තාප්පයෙන් පැනීමට යාමේදී තාප්පය කඩා වැටීමෙන් තාප්පයටම යටවී පුද්ගලයකු අද (17) දින අළුයම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මියගිය පුද්ගලයා අදාල කර්මාන්ත ශාලාවේම රැකියාවේ නිරත පුද්ගලයකු බවත් අළුයම් කාලයේදී තාප්පයෙන් පැන කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ රැවන්වැල්ල හුඹස්වෙල ජනපදය පදිංචිකරුවකු වන 24 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

GalleryGallery
ReeCha