වේදනාවක් නැතුව මැරෙන්න කැමතිද..? එහෙනම් මේ යන්ත්‍රය ඔබ වෙනුවෙන් හදපු එකක්...
By Sithumi
මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී තිබෙනවා.
පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය මඟින් එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසු වුවද, තමන්ගේ ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට පවා ඊට ඇති හැකියාව නිසයි මෙහිදි මරණය සිදුවන්නේ
කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවම තත්වයකට රැගෙන ඒම මගින් වන අතර රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.
- සිතුමි -