කාමරයෙන් මතුවූ මළ සිරුර

Sri Lanka Police Sri Lanka Death
By Zara Mar 19, 2025 03:56 PM GMT
Zara

Zara

Report

හොරණ කිරිගල ප්‍රදේශයේ කාන්තාවක් අබිරහස් ලෙස කාමරයක මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 255/23, සැනසුම් පියස, කිරිගල, හොරණ පදිංචි 51 හැවිරිදි දෙදරු මවකි.

ඊයේ රාත්‍රී (18) නිවසේ මෙම කාන්තාව තනිව සිට ඇති අතර සිය දියණිය උදෑසන 6.40 ට පමණ පැමිණ තිබෙනවා.

ඇය පැවසූයේ නිවසේ ප්‍රධාන දොර සහ ජනෙල් වසා තබා ඇති අතර පිටුපස ජනේලයකින් නිවසට ඇතුල් වී බැලීමේදී මවගේ කාමරයේ දොර වසා තිබූ බවයි.

පසුව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව සඳහන් කර ඇති අතර, ඔහු මිත්‍රයෙක් ද කැඳවාගෙන පැමිණ මව සිටි කාමරයට උඩින් පැන දොර විවෘත කර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව බිම ඇද වැටී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පිරිස ගිලන් රථ සේවයට දන්වා ඇති අතර එම නිලධාරීන් පැමිණ පරීක්ෂා කර දන්වා ඇත්තේ අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

දියණිය පොලිසියට දන්වා ඇත්තේ මවගේ කාමරයේ දොර වැසීමට නොහැකි තත්ත්වයක තිබී බවත් මවගේ මරණය ගැන සැක සහිත බවත්ය.

එසේම ඇය පොලිසියට පවසා ඇත්තේ සිය මවට අනියම් සම්බන්ධයක් තිබූ බවත් ඊයේ සවස (18) එම පුද්ගලයා විසින් මවට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඉන් පසු මව හඬමින් සිට ඇති බවත් ය.

එමෙන්ම දින කිහිපයකට පෙර සාත්තරයක් බැලීම සඳහා මව ගිය අවස්ථාවේ දී කට්ටඩියා විසින් මියගිය කාන්තාවගේ පිට උඩට නැග පෑගු බව මව විසින් දියණිය පැවසූ බව ය පොලිසියට දැන්වීය.

සිද්ධිය පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසිය දැනුවත් කරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2

ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2

ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යන කෙනෙක්ද?

ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යන කෙනෙක්ද?

ReeCha