ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යන කෙනෙක්ද?

Mobile Phones
By Shehan Mar 19, 2025 04:25 AM GMT
Shehan

Shehan

Report

වයස් බේදයක් නැතුව ගොඩක් අය දැන් ස්මාර්ට් ෆෝන් එකට හොඳටම ඇබ්බැහි වෙලා. ඒ හින්දම අද කාලේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ වැසිකිළියට යද්දීත් හැම විටම ෆෝන් එක අරන් යන්න. නමුත් ඔබ දන්නවාද, ඔබ එහෙම වැසිකිළියට ෆෝන් එක අරන් යන එක ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍යටත් බලවත් ලෙස බලපාන බව?

හානිකර බැක්ටීරියා:

නවතම පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා, වැසිකිළියට වඩා අපේ ස්මාර්ට් ෆෝන් එක වැඩියෙන් අපිරිසිදුයි කියලා. ඔබ වැසිකිළියට ෆෝන් එක අරන් යනවා කියන්නේ, ඒකෙන් ශරීරයට හානිකර බැක්ටීරියා ෆෝන් එකේ රැඳෙනවා කියන එකයි. පර්යේෂණවලින් පෙන්වලා තියෙනවා, විශේෂයෙන් E. coli වගේ බැක්ටීරියා ෆෝන් එකේ රැඳෙන බව. මේ බැක්ටීරියා ආහාර විෂ වීම් සහ බඩවැල් ආශ්‍රිත ගැටලු ඇති කරන්න බොහෝ විට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, වැසිකිළියේ තියෙන්නේ මේ බැක්ටීරියා විතරක් නෙවෙයි කියලත් මතක තියාගන්න.

කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? කාන්තා ඔබට විශේෂයි..

කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? කාන්තා ඔබට විශේෂයි..

අර්ශස් රෝගයේ අවදානම වැඩි වීම:

වැසිකිළියේ වැඩි කාලයක් ගත කරද්දී, ඔබේ අවයව මත දිගු වේලාවක් පීඩනය යෙදෙන නිසා අර්ශස් රෝගය ඇති වෙන්න පුළුවන්. මේ ගැන පර්යේෂණවලින් තහවුරු කරලා තියෙනවා. ඒ අනුව, වැසිකිළියට ෆෝන් එක අරන් යන අයට අර්ශස් රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව සොයාගෙන තිබෙනවා.

ශ්‍රෝණි තලයේ අක්‍රියතා:

වැසිකිළියේ දීර්ඝ කාලයක් ගත කිරීම ඔබේ මාංශ පේශිවල ගැටලු ඇති කරනවා. විශේෂයෙන් බඩවැල්, මුත්‍රාශය සහ යෝනි මාර්ගය වැනි අවයව පහළට ඇද වැටීමෙන් ශ්‍රෝණි තලයේ අක්‍රියතා ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ, දිගු වේලාවක් වැසිකිළියේ ඉඳගෙන සිටින ඔබේ ඉරියව්වයි.

ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2

ඉංග්‍රීසි සිංහලට පරිවර්තනයට හොඳම මෙවලම් 2

සිතීමේ හැකියාව සීමා වීම:

ෆෝන් එක ඔබේ චින්තනයට බාධා කරනවා. ෆෝන් එක භාවිතා නොකරන වෙලාවට හෝ එය අක්‍රිය කරලා තිබෙන වෙලාවට, ඔබට යම් කාර්යයක් සාර්ථකව ඉටු කරන්න හැකියාව වැඩි වෙනවා. ඒ නිසා, දුරකථන භාවිතය සීමා කරලා ඔබේ මනසට අත්‍යවශ්‍ය නිදහසක් ලබා ගන්න. ටික වෙලාවකට හෝ ෆෝන් එකෙන් ඈත් වෙලා තනියම කාලය ගත කරන එක වඩා සුදුසුයි. ගොඩක් අයගේ සිතීමේ හැකියාව වැඩි වෙන්නේ වැසිකිළියේදී. ඒ නිසා, වැසිකිළියට ෆෝන් එක අරන් යන එකෙන් වළකින්න.

ස්මාර්ට් ෆෝන් එක නැතුව කිසිම වැඩක් කරන්න බැරි තරමට දැන් හැමෝම අසරණ වෙලා. ඒත් ඔබේ මනසටත්, ශරීරයටත් ටිකක් හෝ නිදහසක් දෙන්න. එතකොට ඔබට නිරෝගීව, සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

ReeCha