ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ

Report

සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ මරණය, ඔහු විසින් සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් තහවුරු කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාය.

ඔහු මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක වංචාවක් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටියදී, ඊයේ (30) තම නිවසේ ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

මුලදී ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල කිහිපයක් පවතින බව හඳුනාගෙන, එය සියදිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඉරානයෙන් ඇමෙරිකාවට හදිසි පණිවිඩයක් - යුද්ධය අවසන් කරන්න ඉරානය දුන් අලුත්ම යෝජනාව මෙන්න

ඉරානයෙන් ඇමෙරිකාවට හදිසි පණිවිඩයක් - යුද්ධය අවසන් කරන්න ඉරානය දුන් අලුත්ම යෝජනාව මෙන්න

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාද ඒ බව තහවුරු කර තිබුණි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකර ඇත.

එහි ප්‍රතිඵල අනුව, මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව වෛද්‍ය කමිටුව නිගමනය කර ඇත.