"ආණ්ඩුවේ දක්ෂයෝ නැති බව ඔප්පු වුණා" - එරාන්ගේ පත්වීම ගැන මූජිබර් රහ්මාන්ගෙන් මාලිමාවට සැර ටොක්කක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම පිළිබඳව තමන් සතුට පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම පත්වීම හරහා ජාතික ජන බලවේගය තුළ වගකීම් භාරදීමට සුදුසු පුද්ගලයන් නොමැති බව ආණ්ඩුවම පිළිගෙන ඇති බවක් පෙනෙන බවයි.

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

එරාන් වික්‍රමරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර, ක්‍රීඩා ක්ෂේත්‍රය මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳවද ඔහුට විශේෂ දැනුමක් ඇති බවද මූජිබර් රහ්මාන් මහතා සඳහන් කළේය.

තවද, සමගි ජන බලවේගය තුළ මෙවැනි වගකීම් දැරිය හැකි දක්ෂ පිරිසක් සිටින බවද වර්තමාන රජය විසින්ම මෙවැනි පත්වීම් හරහා තහවුරු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සුදුස්සාට සුදුසු තැන ලබාදීමේදී ආණ්ඩුවට විපක්ෂයේ සහායද අවශ්‍ය වීම විශේෂත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ