ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන අලුත්ම ආරංචිය මෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ඉවත් කරන දිනය ගැන සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඔහු පවසන ආකාරයට ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ක්‍රිකට් තහනම ඉවත් කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ එවැනි ඉඟියක් කළ බවත් ICC මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බවත්ය.
ඒ, අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
Sponsored By Sarrita Jewellery
