පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න.....

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Hashini Nov 24, 2023 07:49 AM GMT
Hashini

Hashini

Report

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදි සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

එසේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න..... | Date Of Commencement Of School Holidays

මෙම පාඨමාලා ආරම්භ කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්වයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන බවයි.

එළඹෙන දෙසැම්බර් 15 න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

විභාගය අවසන් වූ පසු මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර ඉංග්‍රිසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝරා ගැනීමට හැකියාව පවතිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රථිපල පැමිණෙන තුරු මාස 04ක් පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර, උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර ගත් සිසුන් හැර අනෙකුත් දරුවන් සඳහා විභාගයක් පවත්වා සුදුසු පාඨමාලා තෝරා ගනු ලබන බවයි. 

පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න..... | Date Of Commencement Of School Holidays

සජිත් හා බන්දුල නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි... (VIDEO)

සජිත් හා බන්දුල නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි... (VIDEO)



ReeCha