අවුරුදු තුනකට රූපලාවණ්‍ය 9000ක් වෙළඳපොළට
වසර තුනහමාරක් ඇතුළත රූපලාවණ්‍ය ආලේපන වර්ග 9,020ක් ලියාපදිංචි වීමට අයැදුම් කර ඇති බවත් ඒවායින් 55ක් පමණක් ප්‍රතික්ෂේප වී ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව, 2021 නොවැම්බර් 01 දින සිට මේ වසරේ මැයි 14 දක්වා කාලය තුළ එලෙස අයැදුම්පත් 9020ක් ලැබී තිබෙනවා.
මේ වන විට එවැනි අයැදුම් පොරොත්තු ලේඛනයේ නැතැයි ද අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස ලියාපදිංචිය සඳහා යොමු කළ අයැදුම්පත් අතර සම ආරක්ෂණ, හිසකෙස් සත්කාර, කොණ්ඩා මෝස්තර සහ රැවුල කපන නිෂ්පාදන යන ප්‍රභේදවලට අයත් නිෂ්පාදන අයත් වනවා.
තව ද, මුඛ සත්කාර නිෂ්පාදන, වෙස් ගන්වන, නියපොතු ආරක්ෂණ, ළදරු රැකවරණ නිෂ්පාදන, ඩියෝඩ්රන්ට්, සුවඳ විලවුන්, කොලෝන්, හිරු රැකවරණ නිෂ්පාදන, රෝම ඉවත් කරන ක්‍රීම් වර්ග යන රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ද ලියාපදිංචි වීමට අවසර ඉල්ලා ඇත.
එම කාලය තුළ ලැබී ඇති අයැදුම්පත්වලින් ජාතික ඖෂධ නියාමන අධිකාරි කමිටු තීරණ අනුව 55ක අයැදුම්පත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ අතර විලවුන් නියාමන අංශයේ දත්ත පද්ධතිය 2021 වසරේ නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන බවයි.
