දසුන්ට හිමිවිය යුතු වටිනාකම ගැන, ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් කියයි

By Sewvandhi Jan 07, 2023 10:52 AM GMT
Report

ඉන්දීය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පවසන්නේ, ශ්‍රී ලංකා - ඉන්දියා 20යි 20 තරගාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර පැවතියේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට ඇතැම් කණ්ඩායම් සතු මුදල් ද ප්‍රමාණවත් නොවූ බවයි.

 ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාශය සැලකීමේදී ඔහු ඉහළ වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයෙකු බවට පෙනී ගිය බව, ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

දසුන් ශානක විසින් පිතිකරණයෙන් හා පන්දුයැවීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමිකරගැනීමට හැකිවුණි.

පසුගියදා පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ දසුන් ශානක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොතිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now