ප්‍රදේශ රැසකට අද රාත්‍රියේත් අවදානම් අකුණු අනතුරු...
අද රාත්‍රී (08) කාලයේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වල ස්ථාන රැසක ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.