වසර 16කට පසු දළඳා ප්‍රදර්ශනයක්

Kandy Sri Lanka
By Gagana News Mar 02, 2025 11:15 AM GMT
Gagana News

Gagana News

Report

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළඳා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර සිටියි.

මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද (2) මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය.

'සිරි දළදා දැක්ම' නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිඟය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

දළඳා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3.00ට ආරම්භකර ප.ව. 5.00ට අවසන් කෙරෙන අතර ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ReeCha