මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි
විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා විසින් කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මැතිසබයෙන් පිටව ගිය පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂ නියෝජිතයන් අදහස් පළ කර තිබෙනවා.
ඒ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ආකාරයට ක්‍රියා කරන බවටයි.
කෙසේ වෙතත් ඊයේ (17) දින පාර්ලොමේන්තු සභා ගර්භයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාට විරෝධය පළ කර පිටව ගොස් තිබෙනවා.
ඒ ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳව අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසමින් බව සඳහන්.