ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට
ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් තත්ත්වය තවදුරටත් උත්සන්න වන අතර, එය කලාපීයව හා ජාත්‍යන්තර මට්ටමින් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවීමට හේතු වී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඇමරිකාව ඉරාන ගුවන් අවකාශය සම්පූර්ණයෙන් පාලනය කරමින් සිටින බවත්, ඇමරිකානු ගුවන් හමුදාව ඉරාන ගුවන් හමුදාවට වඩා විශාල බලයක් ඇති බවත්ය.
ඔහු තවදුරටත් කියා සිටියේ, ඉරානය කොන්දේසි රහිතව යටත් විය යුතු බවයි. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින්, ඉරාන නායකයන් රැසක් සහ සිවිල් පුද්ගලයන් සියයට අසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වී ඇත.
ඊශ්‍රායලය, ඇමරිකානු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් අවසාන අදියරට පත් වී ඇති අතර, ඉරානයේ භූගත න්‍යෂ්ටික පහසුකම් විනාශ කිරීමට විශාල බෝම්බ සහ ඒවා ප්‍රවාහනය කරන ගුවන් යානා අවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, ඇමරිකාව මෙයට නිල ප්‍රතිචාරයක් ලබාදී නැත. චීනය සහ රුසියාව අනතුරු ඇඟවූයේ, ඇමරිකාව ඊශ්‍රායලයට සහාය වශයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළහොත්, ඔවුන්ද ඉරානය වෙනුවෙන් මැදිහත්වන බවයි.
මේ හේතුවෙන්, ඇමරිකාව සෘජුව ඊශ්‍රායලයට යුධ සහාය ලබාදිය නොහැකි තත්ත්වයකට පත් වී ඇත. ගුවන් ආරක්ෂණ ක්‍රම අඩපණවීම සහ සටන් විරාමයක අවශ්‍යතාවය ඇමරිකාව, ජර්මනිය, සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක්, ඊශ්‍රායල ගුවන් යානා සඳහා යටිතල පහසුකම් සැපයුවද, ඉරානයට සෘජුව ප්‍රහාර එල්ල කර නැත.
එක් විශේෂ වාර්තාවක් අනුව, ඉරානයේ දිගු මිසයිල ප්‍රහාර මාලාව හේතුවෙන් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධති දැඩිව බිඳ වැටී ඇති අතර, එයට හේතු වී ඇත්තේ අවශ්‍ය උණ්ඩ සපයන්නේ නැතිවීමයි.
මේ හේතුවෙන්, ඊශ්‍රායලය තුළම සටන් විරාමයක් සඳහා මත දැඩිව මතුවී ඇත. ඉදිරියේදී මිසයිල ප්‍රහාරවල ප්‍රමණය වැඩිවුවහොත්, ගුවන් ආරක්ෂණ පද්ධති සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වීමේ අවදානමක් පවතින බවයි ඔවුන්ගේ ඇඟවීම.
ඊශ්‍රායලය තුළම සාමාන්‍ය ජනතාව අතර දැඩි නොසන්සුන්කමක් මතුවී තිබේ. මෙතරම් විශාල ප්‍රහාරයන්ට මෙරට ඉතිහාසයේදී මුහුණ දී නැති බැවින්, ජනතාව දැඩි ආරක්ෂක සැලකිල්ලකට පත්වී ඇත.
විදේශ මාධ්‍ය හා විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, ඉරානය මෙය දිගුකාලීන යුද්ධයකි ලෙස සැලැස්වීමක් කරමින් සිටින බවයි. ඔවුන්ගේ මිසයිල භාණ්ඩ තොගය කාණ්ඩායම් ලෙසම භාවිත කිරීමෙන් පෙනී යන බවද සඳහන්ය.
ඊට පරිවිරුද්ධව, ඊශ්‍රායලය දැඩි මූල්‍ය අභියෝගවලට මුහුණ දී ඇත. ගුවන් ප්‍රහාර පවත්වාගෙන යාම සහ ගුවන් ආරක්ෂණ පද්ධති නඩත්තු කිරීම සඳහා යොදා ගන්නා මුදල දැඩිව වැඩිවී ඇති බවද, වාර්තා පෙන්වයි. විශ්ලේෂකයන්ගේ මතය නම්, මේ වනවිටම මෙය ඊශ්‍රායලයට දැඩි අභියෝගයක් වී ඇත.
