අද මෙරටින් වාර්තා වුණු සමස්ත ආසාදිතයින් සහ මරණ ගණන
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් මීට පෙර හමුවූ 1530 අමතරව හාරසිය පනස් තුන් දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 1983 ක්
එමෙන්ම, කොවිඩ් මරණ 84ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (17) දින තහවුරු කර ඇත. එම මරණ 84ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
එම කොවිඩ් මරණ 84න් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 58 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙක් අවුරුදු 30 -59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.