දහමි සිරිසේනට තනතුරක්..
election
Maithripala Sirisena
Dhaham Sirisena
By Sewvandhi
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහමි සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරැණ බල මණ්ඩලයේ සභාපතිධුරය ලැබි ඇති බවට වාර්තා වෙයි.
දහමි සිරිසේන මහතා විසින් නාම යෝජනා භාර දී ඇති අතර එම නාම යෝජනා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමත කර ඇත. දහමි මහතාට ශ්‍රී නිදහස් පක්ෂයේ තනතුරක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වෙි.
මේ අනුව ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණයකට දහමි සිරිසේන මහතා ඉදිරිපත් විමට සුදානමි වන බවද වාර්තා වෙයි. පසු ගිය දින වල දහමි සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සමාජ ක්‍රියාකාරකම් සඳහා ද එක් වි සිටිමද දක්නට ලැබි ඇත.
මේ වන තෙක් ඔහු දේශපාලනයට පැමිණෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැති අතර.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එවැන්නක් සඳහන් කර නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |