දරුවන් ලබා ගන්න දේවාලෙන් දුන්න බෙහෙත පානය කළ තරුණිය ජීවිතක්ෂයට

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 10, 2023 04:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මින්නේරිය පොලිසිය සදහන්කළේ, දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇති බවයි.

 ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියක් මෙලෙස මියගොස් තිබෙනවා.

අදාල තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර තිබෙනවා.

පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

ReeCha