ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

Report

ගුවනේදී කාර්මික දෝෂයක් ඇති වීම නිසා සිංගප්පූරුව බලා යමින් සිටි ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙසේ හදිසි ගොඩ බැස්වීම සිදු කර ඇත්තේ ඉන්දුනීසියාවේ ගුවන්තොටුපොළකට බව සඳහන්.

සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි

සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි

අඳාළ ගුවන් යානය තුළ මගීන් 93 දෙනෙක් මෙන්ම කාර්ය මණ්ඩලයේ 08 දෙනෙක් ද සිට ඇත.

ඒ අනුව මෙම යානය පරීක්‍ෂා කිරීමෙන් පසු දෝෂය නැවත සකස් කිරීමට යම් වෙලාවක් ගත වන බව පවසා තිබෙනවා.

එනිසා මගීන්ව එම ගුවන්තොටුපො අසල පිහිටි හෝටලයකට රැගෙන යාමට උත්සහ කර ඇති බව පවසයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එහෙත් මෙයට ඉන්දුනීසියාවේ ආගමන නිලධාරීන් අකැමති වීම හේතුවෙන් වෙනත් ගුවන් යානයනක් ශ්‍රී ලංකාවේ සිට යැවීමට උත්සාහ කර තිබුණ ද ඊටද මෙඩාන් ගුවන්තොටුපොලෙන් අවසර ලැබී නැති බව සඳහන්.

කෙසේ වුවද අද දින එම අඳාළ අවසරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් ගුවන් යානයක් යැවීමට ද කටයුතු සූදානම් කර ඇති බවට වාර්තා වේ. 

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්