හෙට තමයි දවස - වහා ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන්න.. ලංකාවට වෙන භයානක තත්ත්වයක් ගැන එකවරම අනතුරු ඇඟවීමක්..
හෙට (03) දිනය වන විට, නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය සුළිකුණාටුවක් බවට පත් විය හැකි ය.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
එම දෙපාර්තමේන්තුවට අනාවැකි පල කර ඇත්තේ ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම, බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මෙම පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීම අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, එය ලබන 04 වැනිදා වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතු යෙදෙන අයවලුන් සඳහා අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ සඳහන් කරමින් ය.
ඒ අනුව ඉදිරි පැය 48 තුළ, මන්නාරම සිට කන්කසන්තුරය, ත්රීකුණාලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද දන්වා ඇත.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටියි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකිය.
එමෙන්ම වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුර,උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, පැයට කිලෝ මීටර් 40 - 50ක පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවයි.