රට පුරා ඇඳිරිනීතිය දැඩි කරයි...එළියට බැස්සොත් වෙන දේ මෙන්න.
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 577ක් අත්අඩංගුවට ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 62ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,908ක්.
මේ අතර ඊයේ දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13ක දී පුද්ගලයින් 1796ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහි දී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 994ක්.
මේ අතර දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (03ද) පස්වරුව වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
අද (03) රැස් වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය කරුණු විශ්ලේෂණය කර ඉන්පසුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ මෙම තීරණයට එළැඹෙනු ඇති.
මේ අතර දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බව ඊයේ(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළ අතර දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.
අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
