දිවයින පුරා ඇඳිරි නීතිය දීර්ඝ කරන්න යයි??? ප්‍රකාශ කරන දිනය මෙන්න..

Covid Curfew Sri Lanka Lock down Asela gunawardhana
By Aruna Aug 26, 2021 01:05 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි ඔහු කියාසිටියේ.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පණවනු ලැබුවා.

එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වනදා අලුයම 04 ටයි.

මේ අතර රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන විට රටේ ආර්ථිකය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් නමුත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේ නම් එය එතරම් ගැටළුවක් නොවන බව අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha