ඇඳිරිනීතිය පිළිබඳ අලුත්ම නිවේදනය මෙන්න. තවදුරටත් දීර්ඝ කරයි.

Curfew Sri Lanka Lock down
By Aruna Sep 17, 2021 06:13 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

මෙම නිරෝධායන ඇඳිරි නිතිය කොන්දේසි වලට යටත්ව ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනු ඇති බවත්, එම කොන්දේසි කවරේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.   

මේ අතර රට පුරා අගුලු දැමීම සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කළා.

එවැනි තත්ත්වයක් සහ සෞඛ්‍ය අංශයන්ගේ දැඩි ඉල්ලීම මත මෙලෙස දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝම්බර් 01 වන දින දක්වා යළි දීර්ඝ කරන්නට ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha