කවුරුත් බලාසිටින රට අරින තීරණය..ලබන මාසයට කල් යයි.?..

Curfew Sri Lanka Lock down Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Sep 17, 2021 01:35 AM GMT
Aruna

Aruna

Report

ලබන 21 වැනිදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.

ලබන 21 වනදායින් පසු රට විවෘත කරන්නේ නම් පැණවිය යුතු සීමා සම්බන්ධයෙන් සෟඛ්‍ය අංශ විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක්ද අද සාකච්ඡාව සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායට දන්වා තිබුණා.

එමෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරන නිර්දේශ මාලාවක්ද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.

මේ අතර කොවිඩ්19 ව සංගත තත්ත්වය හමුවේ රට දැනට පවතින රතු කලාපයේ’ සිට ‘කොළ කලාපයට’ ගෙන ඒමේ ප්‍රයත්නයක් ලෙස ඔක්තෝබර් මස මුල දක්වා නිරෝධායන ඇඳිරි නී තිය තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් ක‍ර ඇත්තේ, දැනට ක්‍රියාත්මක දැ ඩි සං චරණ සී මා එක්වර ම අහෝසි කළහොත් රට පුරා විශාල වශයෙන් පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගී න් වැඩි වීම සහ එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුළින් දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදුවිය හැකි බව තම විශ්වාසය බවය.

“අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (red list) සිටින රටකි.

සංචරණ සී මා දැ ඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔ ක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුන ම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු.

මෙම දැඩි සංචරණ සී මා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැ ඩි බ ලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය.

ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම්, දැනට අප රෝගය පැතිරීම පාලනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම සඳහා මෙම සංචාරණ සී මා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ය.

අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.

” එමෙන් ම එම සංගමය සඳහන් කරන්නේ, පාසල් ළමුන්ගේ එන්නත්කරණය සහ නැවත පාසල් විවෘත කිරීම ඉතා දැ ඩි සංයමයකින් යුතු බවය.

ළ මාරෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති “දැඩි අවදානම් සහිත” ළමුන්ගේ එන්න ත්කරණය කිරීමේ අවශ්‍යතාව තමන් විසින් අ නුමත කරන නමුත් සියලු පාසල් ළමුන් එන්න ත්කරණය සඳහා සුදුසු දැයි තීරණය කිරීම සඳහා දැනට අන්තර්ජාතිකව ඇති දත්ත ප්‍රමාණවත් නොවන බව එම සංගමය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

තව අද පාසල් ළමුන් එන්න ත්කරණය කිරීම අවශ්‍ය නම්, විශේෂයෙන් ම වයස අවුරුදු 12 සහ 18 අතර කණ්ඩායම සැලකීමේදී, Pfizer එන්න ත මේ සඳහා ඉතා ම සුදුසු එන්න ත බව දැනට යෝජනා වී බවත් ඒ සඳහා අවසන් තීරණය ගැනීමේදී තවදුරටත් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් පසුව මෙම තීරණය ගැනීම වැදගත් බවත් එම සංගමය අවධාරණය කර තිබේ.

“පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අ වදානම නම් ළමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතර “ළ මුන්ගේ කොරෝ නා කණ්ඩායමක්” බිහිවීමට ඇති හැකියාවයි.

මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අව දානමකි.”

සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වුව ද ඉතා විධිමත් මෙන් ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑ ම රටකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලු ම සංචාරකයින්ගේ ආ රක්ෂාව පිළිබඳ දැ ඩි විශ්වාසයක් ඇතිකළ යුතු බවත් ඔවුන්ට මෙහිදී රෝගය බෝ වීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එමෙන් ම කොවි’ඩ්19 රෝගයට ගො දුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සහ අනෙකුත් අ තුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රා දෙක ම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවන මාත්‍රාවක් ලබා දීම විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන්ට පටහැනි වන බව එම සංගමය සඳහන් තිබේ.

ඒ අනුව ඔවුන් අවධාරණය කරන්නේ, වයස අවුරුදු 60ට වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අ තුරු ආබාධ ඇති, Sinopharm දෙවන මාත්‍රාව ද ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්න ත තුන්වන මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවය.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, Sinopharm මාත්‍රා දෙක ම ලබා වුව ද මරණයට පත් වූ සංඛ්‍යාව අනෙකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙක ම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වන බවය.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වයස 20-30 අතර තරුණ කණ්ඩායම් සඳහා Sinopharm එන්න ත ඉතා හොඳ ප්‍ර තිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් හරහා මනාව පැහැදිලි කරදී ඔවුන්ට Sinopharm එන්න ත ලබාදීම මගින් මෙරටට අවශ්‍ය කරන එන්න ත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍ය ම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව තමන් දැ ඩි ලෙස විශ්වාස කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha