දිවයින පුරා ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දික් වෙයි??..සැප්තැම්බර් 18? ඔක්තෝම්බර් 02?

Corona Curfew Police Sri Lanka Lock down
By Aruna Sep 03, 2021 01:59 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායත් අද රැස් වෙයි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (03ද) පස්වරුව වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අද (03) රැස් වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය කරුණු විශ්ලේෂණය කර ඉන්පසුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ මෙම තීරණයට එළැඹෙනු ඇති.

මේ අතර දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බව ඊයේ(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළ අතර දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha