ක්‍රිප්ටෝකරන්සි මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.. 2024 ගැනත් අනාවැකියක්...

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Apr 24, 2023 11:13 PM GMT
Aruna

Aruna

Report

ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝකරන්සි ( cryptocurrency) හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන බිට්කොයින් ( Bitcoin) එකක වටිනාකම, එළඹෙන 2024 වසර අවසාන වන විට ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ( Standard Chartered) (STAN.L) පවසනවා.

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ඊයේ (24) දින කියා සිටියේ "crypto winter" හෙවත් අතථ්‍ය මුදල් සඳහා පැවති ශීත කාලය අවසන් වී ඇති බවයි.

අද වන විට බිට්කොයින් එකක මිල එක්සත් ජනපද ඩොලර් 27,000 ක් පමණ වේ.

එනම් එය ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9ක් හෙවත් ලක්ෂ 90කට ආසන්න අගයයකි.

බිට්කොයින් හි පසුගිය රැලිවලදී මෙයාකාරයෙන්ම් විවිධ ආයතන විසින් අනාවැකි පළ කළ අතර එහිදී වරක් Citi විශ්ලේෂකයෙකු පවසා සිටියේ, 2022 වසර අවසන් වන ඩොලර් 318,000 ක් දක්වා බිට්කොයින් එකක මිල ඉහළ යනු ඇති බවයි.

කෙසේවෙතත් 2022 වසර අවසන් වූයේ බිට්කොයින් එ්කක මිල ඩොලර් 16,000 ක් දක්වා පහත හෙළමිනි.

2021 නොවැම්බර් මාසයේ දී බිට්කොයින් එකක අගය ඩොලර් 68,000 සීමාව ඉක්මවා ගිය අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වේ.

ගෝලීය වාතාවරණය මෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින් හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටළු පිළිබඳව දැනටමත් අවධාරණය යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කර සිටියේ, මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now