බදුල්ල ටවුම මැද්දේ වෙච්ච අපරාධය... සෙනග වට වී බලා සිටි

Sri Lanka Police Badulla Crime Latest Headlines Sinhala news
By Akash May 20, 2025 04:38 PM GMT
Akash

Akash

Report

අද (20) පස්වරුවේ බදුල්ල නගර මධ්‍යයේදී අයියා විසින් සිය මල්ලීට කැත්තකින් විනාඩි දයක පමණ කාලයක් කොටමින් තුවාල සිදුකරමින් සිටින දර්ශනයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

අවට විශාල පිරිසක් රැස්ව සිටියත් “ළං වුනොත් කපනවා” යනුවෙන් සැකකරු කෑ ගැසීම හේතුවෙන් පිරිස ඒ අසලට ළං නොවි බියට පත්ව සිටින අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙයි.

EPF තාවකාලිකව අත්හිටුවයි (PHOTO)

EPF තාවකාලිකව අත්හිටුවයි (PHOTO)

පසුව එතැනට පැමිණි රියදුරු මහතෙකු යැයි පැවසෙන තරුණයෙකු සහ බදුල්ල පොලිසියේ සැරයන් නිලන්ත යන අය විසින් සැකකරුගේ වචන වලට බිය නොවී ඔහු අල්ලා මෙල්ල කිරීමට කටයුතු කරනා අයුරුද එම වීඩියෝ පටයේ දක්නට ලැබේ.

තුවාලකරු බරපතල තත්වයෙන් බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සැකකාර සහෝදරයා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා නිලධාරීන්ට මන් කියන්නේ සොල්දාදුවා කියලා - ඇමති විජිත

හමුදා නිලධාරීන්ට මන් කියන්නේ සොල්දාදුවා කියලා - ඇමති විජිත

මෙම සිද්ධිය ගැන ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහි ඇනුමක් සිදුකර තිබූ බවත්ය.

එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුණේ ශල්‍යවෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සහෝදරයින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහරදී තුවාල සිදුකරනගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙයි.


Gallery
ReeCha