ගෙදරටම ඇවිත් කපා කොටා ප්‍රසිද්ධියේ මිනි මරණ හැටි CCTV කැමරාවේ (VIDEO)

Crime Sri lanka under world thissa maharama
By Sithumi Jun 28, 2021 12:29 PM GMT
Report

තිස්සමහාරාම රබර් වත්ත සමගි මාවතේ පදිංචි දිලාන් හන්සක එදිරිසිංහ, නැමති වයස අවුරුදු 29 ක තරුණයෙක් ඊයේ (27) අලුයම තම නිවසේදී ඝාතනය කරන අයුරු එම නිවසේ CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා.

හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ බරපතළ ලෙස පහර දෙන අයුරු එම දර්ශනවල සඳහන්. නිවස ඉදරිපිට ඇති නිවසේ සිටින ප්‍රකට පාතාල සාමාජිකයෙකු ලෙස නම් දරා සිටින කුඩු දෙව් නැමැත්තා තම දරුවන් දෙදෙනා සහ යහළුවන් තිදෙනෙකු සමඟ පැමිණ මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

කුඩු දෙව් නැමැත්තා කැවුමා නැමැති පාතාල සාමාජිකයාගේ ආයුධ තිස්සමහාරාමයට ප්‍රවාහනය කිරීම හේතුවෙන් සිර දඩුවම් ලැබූ අයෙක් බවයි පැවසෙන්නේ.

කුඩු දෙව් නොහොත් දිලාන් හන්සක නැමැත්තා මෙම ඝාතනගේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු තමවත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මරණීය පහර සියැසින් දුටු දිලාන් හන්සකගේ බිරිඳ පවසන්නේ.

මේ අතර දෙව් නැමැති පාතාල සාමාජිකයාට පොලිසියේ රැකවරණය ලැබෙන බවත් ඒ හේතුවෙන් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇය පවසනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now